Saturday, January 03, 2026
Follow Us
පළාත් සභා මැතිවරණය කල්දැමේ

පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත්තේ පවතින කොවිඞ් වසංගත තත්ත්වය හා මහා සංඝරත්නයේ ඉල්ලීම මත පළාත් සභා මැතිවරණය කල්දැමීමටයි. පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානායක්කාර මෙලෙස අදහස් පළ කළා.

අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන පැවසුවේ පළාත් සභා මැතිවරණය කල්දමා ඇත්තේ තාවකාලික පදනමින් බවයි.

නව ඡන්ද ක‍්‍රමයක් යටතේ මැතිවරණය පැවැත්වීම කෙරෙහි ද, අවධානය යොමුව ඇති බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ.

මෙම පක්ෂ නායක රැස්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් ද පැමිණ සිටි අතර සිය ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ද අවධානය යොමුවූ බවයි ඊට එක්වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ.

(Neth)