Saturday, January 03, 2026
Follow Us
කථානායක පී සී ආර් පරීක්ෂණයට සූදානමින්

පී සී ආර් පරීක්‍ෂණයට යොමුවන ලෙසට සෞඛ්‍ය අංශ තමන්ගෙන් ඉල්ලීමක් කළහොත් ඊට සහභාගි වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ආරක්‍ෂාව සලසන පෙරගමන් රථයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා. ඉන් අනතුරුව කථානායකවරයාට ආරක්‍ෂාව සපයන ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් පී සී ආර් පරීක්‍ෂණයට යොමු කෙරුණු අතර ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට වාර්තා වී තිබුණා.

කෙසේවෙතත් ඔවුන් ලබන 31 වනදා දෙවන පී සී ආර් පරීක්‍ෂණයට යොමුවන බව නෙත් නිවුස් කළ විමසීමකදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළා.

(Neth)