Wednesday, August 20, 2025
Follow Us
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පක්ෂ නායකයන් අද රැස් වෙයි

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්‍ෂ නායකයින් අද පස්වරුවේ රැස් වනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබදව අංශ කිහිපයක් යටතේ එහිදී සාකච්ඡා කරන බවයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ යෝජනාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඉකුත්දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. එහිදී තීරණය වූයේ පක්‍ෂ නායක රැස්වීමක් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට යොමු කරන ලෙසටයි.

මේ අතර පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පල වනවා. මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පැවසුවේ වර්තමානය මැතිවරණ පැවැත්වීමට සුුදුසු කාලයක් නොවන බවයි. නව ව්‍යවස්ථාව සම්පාදනය කරන තුරු පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙසයි මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් රජයෙන් ඉල්ලා සිටියේ.

නව ව්‍යවස්ථාව සම්පාදනය කරන තුරු පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු බව අමාත්‍ය, විශ‍්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර ද සඳහන් කළා.

(Neth)