Wednesday, August 20, 2025
Follow Us
පලාත් සභා වලට එරෙහිව ඇමති සරත් වීරසේකර කෙලින් සිටී!

නව ව්‍යවස්ථාවක් සම්පාදනය වන තෙක් පලාත් සභා පැවැත්වීමට තමන් තරයේම විරුද්ධ බව අමාත්‍යය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද කොළඹදී පැවැති මාධ්‍යය හමුවකදී පවසා සිටියේය.

රටක පැවැතිය යුත්තේ එක් නීතියක් බව පවසන සරත් වීරසේකර මහතා පලාත් නවයකට නීති නවයක් පැවතීමෙන් රටේ ඒකීයභාවය බරපතල ලෙස අණතුරට හෙලන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. නව ව්‍යවස්ථාවක් සම්පාදනය වීමට නියමිතව තිබියදී එයට පලාත් සභා සම්බන්ධයෙන් ප්‍රතිපාදන එක් කළ හැකිව තිබියදී එම ව්‍යවස්ථාව සම්මත වීමට පෙර පලාත් සභා මැතිවරණය කෙසේ වත් පැවැත්විය යුතු නැති බව එතුමා අවධාරණය කර සිටියේය.

(Lanka Leads)