Wednesday, August 20, 2025
Follow Us
යහපාලන ඇමැති පුතා හොරෙන් ගෙන ආ ජීප් රිය ලියාපදිංචියේදී මාට්ටු

යහපාලන ආණ්ඩුවේ සිටි රාජ්‍ය ඇමැතිවරයකුගේ පුත්‍රයෙකු නීතිවිරෝධීව ආනයනය කළ කෝටි අටක් පමණ වටිනා අති සුඛෝපභෝගී ජීප් රථයක් ලියාපදිංචි කිරීමට යාමේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගෙන රේගු නිලධාරීන්ට ලබා දී තිබේ.

පසුගිය සතියේ දී වේරහැර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයට අදාළ ජීප් රථය රැගෙන ගොස් ඇත්තේ එය වෙනත් පුද්ගලයකුගේ නමට ලියාපදිංචි කර පවරා දීම සඳහාය. එහි දී රේගුවෙන් වාහනය නිදහස් කර ගැනීමේ දී ලබා දෙන ලියැකියැවිලිවල අත්සන්වල ඇති වූ සැකය මත මෝටර් රථ ලියාපදිංචි නිලධාරීන් ඒ බව රේගුවට දන්වා ඇත.

පසුව රේගු නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේ දී හෙළි වී ඇත්තේ එම අත්සන් හොරට ගසා රේගුවෙන් නීතිවිරෝධී ලෙස ගෙන්වා ඇති බවයි.

2015 න් පසුව එම වාහන ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කර ව්‍යාජ අංක තහඩු සකස් කර පාවිච්චි කර ඇති අතර පසුව එය වෛද්‍යවරයකුට පවරාදීම සඳහා වෙහෙරහැරට රැගෙන ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්නගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ අදාළ මෝටර් රථය සිය නිලධාරීන්ගේ භාරයට ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි.

(Aruna)