Wednesday, August 20, 2025
Follow Us
කොරෝනාවෙන් ගැළවෙන්න සජිත්ගේ අළුත්ම ඩීල් එක!

කොරෝනා ව්‍යසනය මුළු ලෝකයම මෙතෙක් ආ ගමන් මග වෙනස් කිරීමට හේතු වී ඇති අතර සෞඛ්‍ය කේන්ද්‍රීය වැඩපිළිවෙළක් පිළිබඳව අලුතින් හිතන්නට බල කොට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේ අද (22) යක්කලමුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

එම සෞඛ්‍ය කේන්ද්‍රීය වැඩපිළිවෙල “හරිත – නව ගිවිසුම” (Green New Deal) ලෙස හැඳින්විය හැකි බවත් එය ක්‍රියාත්මක කරන්නට ලෝකෙටම සිදුවන බවත් ප්‍රේමදාස මහතා මහතා කියාසිටියේය.

කොරෝනාව්‍යසනය මේ රටට ඇතුළුවීමට පෙරම මේ අවදානම පිළිබඳව පසුගිය ජනවාරි මාසයේ දී තමන් රටට හෙළි කළ බවත් ඒ අවස්ථාවේදී ආණ්ඩුව හෝ බලධාරීන් ඒ පිළිබඳව අවධානය යොමු කරනවා වෙනුවට උපහාසය සහ අපහාසය තමන් වෙත එල්ල කළ බවත් පැවසූ විපක්ෂ නායකයා, තමන් ඉදිරිපත් කළ යෝජනා සද්භාවයෙන් බාර ගත්තා නම් මේ තරම් හෝ ව්‍යසනයක් මේ රටට උදා නොවන බවද පැවසීය.

දැන්වත් ආණ්ඩුව අලුතින් හිතන වැඩපිලිවෙළකට යා යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.

මහ මැතිවරණය වෙනුවෙන් කොවිඩ් මර්දනය කළ එකම රට බව පවසමින් මැතිවරණය ද අලෙවි කළ නමුත් අළු යට ගිනි තිබෙන බව හෙළි නොකළ බව හෙතෙම සඳහන් කළේය.

'' දෙවෙනි රැල්ල ගැන තොරතුරු වසන් කළා. හැම එකම සංඛ්‍යා ලේඛන ජිල්මාට් හරහා හංගාගෙන අවසානයේ මහ මැතිවරණයෙන් පසුව දෙවෙනි රැල්ලක් නිර්මාණය වෙනකොට බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වන විට,පෑළියගොඩ පොකුර නිර්මාණය වන විට කොවිඩ් මර්දනය කළ බව කියූ රජය එය පාලනය කරගත නොහැකිව මුළු රටම අනාථ කරන තත්ත්වයකට ගියා.''

මේ අතර එන්නතක් සම්බන්ධයෙන් හෝ රජය ජනතාවට පැහැදිලි යාම කියා නැති බවයි ඔහු පැවසුවේ.

විශේෂයෙන් පසුගිය වසරේ දෙසැම්බර් හා මෙම වසරේ ජනවාරි මස කෝටි ප්‍රකෝටිපතියන්ට බදු සහන දීමෙන් එන්නතක ලබා ගැනීමට තිබූ අවස්ථාවද අහිමි කර ගෙන තිබෙන බව පෙන්වාදුන් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ එන්නතක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පසුපසින් ගොස් ණය ඉල්ලීමට සිදුව ඇති තත්ත්වයක් ආණ්ඩුවට උදා වී ඇති බවයි.

(LNW)