ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කාර පවුල්වල දෙමාපියන්ගේ එකතුව විසින් අද (22) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත සංදේශයක් ඉදිරිපත් කරමින් ඔවුන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳව කරුණු දක්වනු ලැබීය.
ශ්‍රී ලාංකේය මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සුරැකීම සදහා වූ ජාතික සංසදය මීට එක්ව සිටියේය.
එහිදී එම තැන්පතුකරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබුණේ එම තැන්පතුකරුවන්ට සාධාරණය ඉටු කරගැනීම වෙනුවෙන් තිරසර විසඳුමක් ලැබෙන තෙක් තමන් කැපවෙන බවයි.
තමන් මේ සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් පවා නැගූ අතර තවමත් එයට පිළිතුරු නොලැබුණු බවද ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේය.
තමන් විශ්වාස කරන අන්දමට රජය එම ප්‍රශ්නය මඟහැර තිබෙන බවයි මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.
මෙම ද ෆිනෑන්ස් සමගම ඇතුළු පසුගිය ජුනි මාසය වන විට කඩා වැටුණු මූල්‍ය සමගම් යළි නගා සිටුවීම වෙනුවෙන් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් යොමුකර තිබුණු බවට වාර්තා වුවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුව නැති බව පෙනෙන්නට තිබේ.
(LNW)