ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසා සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට තම පක්ෂය විරුද්ධ බවයි.
දයාසිරි මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
විදේශීය ආයෝජන අවශ්‍ය නම් වරායේ දකුණු පර්යන්තයට ආයෝජනය කිරීමේ හැකියාවක් ඇතැයි පවසන ඔහු වරායේ නැගෙනහිර පර්යන්තයටම ආයෝජන ගෙන ඒමට සැරසීම සම්බන්ධව තම පක්ෂය විමතියට පත්ව ඇති බවයි.
ඒ අනුව වරායේ නැගෙනහිර පර්යන්තය විදේශීය අයෝජකයෙකුට හෝ වෙනත් රටකට ලබාදීමට විරුද්ධව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට තම පක්ෂය සූදානම් බව අවධාරණය කරයි.
(Lanka Leads)