Wednesday, August 20, 2025
Follow Us
ජනතාව බඩගින්නේ. රජයේ ආර්ථික කළමනාකරණය දුර්වල නිසා මේ ගැටළු වලට විසඳුම් නෑ - සජිත්

2020 දෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත අනුව ආර්ථික වර්ධන වේගය සෘණ 16.3ක් වශයෙන් වාර්තා වීමත් සමග රට ආර්ථික අගාධයක් කරා ගමන් කරන බව පැහැදිලි වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටේ ජනතාව විශාල ප්‍රමාණයක් තුන් වේල ආහාර සපයා ගැනීමට නොහැකිව, දරුවන්ට අවශ්‍ය පෝෂණය ලබාදීමට නොහැකිව දුක් විඳින අතරේ රජය මේ ප්‍රශ්න සම්බන්ධයෙන් කිසිදු සංවේදීතාවයක් නොමැතිව කටයුතු කරමින් සිටින බවටයි ඒ මහතා චෝදනා කළේ.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (17) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)