Wednesday, August 20, 2025
Follow Us
LTTEයට ප්‍රශංසා කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිරේ දාන්න නීති ගේනවා - ඇමති වීරසේකර

LTTE සංවිධානය සම්බන්ධයෙන් ප්‍රශංසාත්මකව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වන දෙමළ මන්ත්‍රීවරුන්ට දඬුවම් කිරීම සඳහා ඉදිරියේදී නව නීති සකස් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

"අපි දකිනවා පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ මන්ත්‍රීවරු ජනතාව උසිගන්වන සේ, සිංහල ජනතාව කෙරෙහි ද්වේෂය ඇතිවන සේ ප්‍රකාශ සිදු කරනවා. ඒකට අපි විරුද්ධ වෙනවා.

නමුත් ජර්මනිය වගේ රටක හිට්ලර්ව ප්‍රශංසා මුඛයෙන් කතා කරන්න බෑ පාර්ලිමේන්තුවේ. නාසි පක්ෂයට ප්‍රශංසා මුඛයෙන් කතා කරන්න බෑ. ඒක තහනම්. ඒවාට සිරගත වෙන්න පුළුවන් දඬුවම් සහිත වැරදි. ඒවගේ එකක් ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවට අපිත් ගේනවා. එතකොට මේගොල්ලන්ට ඒ අවශ්‍ය විදියට ඒගොල්ලන්ට ඕනෙ ඕනෙ විදියට LTTE එකට ප්‍රශංසාවෙන් කතා කරලා දෙමළ ජනතාව නොමඟ යවන්න තියෙන ප්‍රවණතාවය අපට අඩුකරන්න පුළුවන්. ඒක තමයි දැනට තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ පොලිස් ස්ථාන කරා ගිය සංචාරයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)