ජනතාවගේ ප්‍රශ්න විසඳීම යනු දේශපාලකයින්ට අයිති වැඩක් නොවන බවත් ඒවා විසඳිය යුත්තේ නිලධාරීන් විසින් බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
දේශපාලකයින්ගේ වගකීම වන්නේ ජනතා ප්‍රශ්න වලට බලපාන හේතු ඉවත් කිරීම බවයි ඒ මහතා සඳහන් කළේ.
"දේශපාලකයා ඉන්නේ ප්‍රශ්න විසඳන්න නෙමේ. ප්‍රශ්න විසඳන එක නිලධාරීන්ගේ වැඩක්. දේශපාලකයාගේ වගකීම තමයි ඒ ප්‍රශ්නවලට තියෙන හේතු ඉවත්කරන එක. සාම්ප්‍රදායික දේශපාලන භාවිතයන් ඇතුළේ ඒක අමාරුයි" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
(LNW)