Saturday, January 03, 2026
Follow Us
මුස්ලිම් මළ සිරුරු භූමදානයට අවස්ථාවක් නොදුන්නොත් නැවත මුස්ලිම් තරුණ අන්ත්වාදයක් ඇති විය හැකියි-අධිකරණ ඇමති අලි සබ්රි

අන්තර්ජාල නාලිකාවත් වෙත අදහස් පළ කරමින් අධිකරණ ඇමති අලි සබ්රි මහතා ප්‍රශ්න කර සිටින්නේ මාලදිවයිනට කොරෝනා මෘතදේහ භූමදානය කිරීම ගැටලුවක් නොමැති නම් ශ්‍රී ලංකාවට ගැටලුවක් වන්නේ කෙසේදැයි කියායි.

එහිදී ඔහු අවධාරණය කරන්නේ වෛරස් සම්බන්ධයෙන් මෙරට ප්‍රධානතම මහාචාර්යවරයෙකු වන මලිත් පීරිස් මහතා පවා කොරෝනා මෘත දේහයන් භූමදානය ගැටලුවක් නැතැයි පෙන්වා දී ඇති බවත් එවන් තත්ත්වයකදී කොරෝනා මෘත දේහයන් භූමදානයට අවස්ථාවක් ලබා නොදීම භයානක තත්ත්වයක් බවත් ඒ හරහා නැවත මුස්ලිම් තරුණ අන්තවාදයක් ඇති විය හැකි බවයි.

(Lanka Leads)