Wednesday, August 20, 2025
Follow Us
චම්පිකගේ සිහිනය බොඳ වෙයි?

1986 වසරේ ජ.වි.පෙ න් දේශපාලනය ආරම්භ කර 2020 සජිත් පිල හරහා අලුත් බලවේගයක් හදන බව පවසන චම්පික රණවක ට සජිත් පිල පල නොකියා පලා බෙදන්නට පටන් ගෙන ඇත. සජිත් පිලේ නියෝජ්‍ය නායක ධුරය ඉල්ලූ චම්පික ට මේ සතියේ සජිත් ප්‍රේමදාස පවසා තිබුණේ ඔබට එරෙහිව බරපතළ අපරාධ හා දූෂණ නඩු පවත්නා නිසා එම තනතුර ලබා දිය නොහැකි බවය. නඩු ඉවර කර ගත් පසු ඒ ගැන සලකා බලමුයැයි සජිත් කියා තිබුණි .

ඒ සමඟ සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්න චම්පික ට එරෙහිවෙමින් කියා තිබුණේ ඒ ඒ දිස්ත්‍රික්ක වලින් පළමුවැන්නා ලෙස පක්ෂය ට ජන්ද එකතු කළ තමන්ට නියෝජ්‍ය නායක පදවි අවශ්‍ය බවය. චම්පික කොළඹ දිස්ත්‍රික්කයේ පස්වැනියා බවත් ඔහු පක්ෂ 13 ක වරින් වර සිට බල ලෝභය නිසා පක්ෂ මාරු කළ බවත් රාජිත ලා පවසා ඇත. ඔහුට හොඳ ම පාඩම ඉගැන්වීම ගැන රාජිත මහින්ද රාජපක්ෂ ට ස්තූතිය ද පල කර තිබුණි .

චම්පික ගේ පක්ෂයේ ප්‍රධාන ගෝලයෙකු වන මාධ්‍ය ප්‍රකාශක අනුරුද්ධ ප්‍රදීප් කථිකාචාර්යවරයා මාධ්‍ය ට කියා තිබුණේ චම්පික රටේ නායකත්වය ට කවදා හෝ එන බවත් ඒ පිළිබඳව සමහරුන් බියෙන් සලිත විය යුතු බවත්ය. අනුරුද්ධ ප්‍රදීප් ගේ මේ කතාවෙන් චම්පික එන්නේ කුමකට ද යන්න පැහැදිලිය. රට බියෙන් සලිත කරන නායකයන් මේ රටට අවශ්‍ය ද යන්න ජනතාව තීන්දු කළ යුතුය.

(Lanka LEads)