Wednesday, August 20, 2025
Follow Us
ජනාධිපති අවස්ථාව දෙන්නේ නැහැ. බැසිල් එක්ක කරන සාකච්ඡා කිසිදු හරයක් නැහැ-නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම ආණ්ඩුව හැදීමට මහන්සි වූ පක්ෂයක් බවයි.ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළගුණ සලකන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි මහතා “ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට මීට වඩා ශක්තියක් ආණ්ඩුවෙන් ලබා දිය යුතු බව බලධාරීන්ට මතක් කර තිබෙනවා.ආණ්ඩුවේ සංවර්ධන වැඩ සදහා එක් කර නොගැනීම නිසා පක්‍ෂයේ සංවිධායකයන් මන්ත‍්‍රීවරුන් දැඩි කලකිරීමෙන් සිටින්නේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිගෙන් අවස්ථාවක් ඉල්ලුවත් එය ලැබුණේ නැහැ.බැසිල් රාජපක්ෂ මහතා සමඟ කරන ලද සාකච්ඡා කිසිදු හරයක් නැහැ.” යනුවෙන් පවසා සිටියේය.

(Lanka Leads)