Tuesday, January 06, 2026
Follow Us
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සමගි ජනබල වේගයෙන් ආණ්ඩුවට ඉල්ලීමක්

පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි සමගි ජනබලවේගය ද ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. ආණ්ඩුව පිළිබද ජනතාවගේ මතය විමසීම සදහා එම මැතිවරණය පැවැත්විය යුතු බවයි එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර නෙත් නිවුස් වෙත කියාසිිටියේ.

මේ අතර, කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ යෝජනාව අද දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර පැවසුවේ.

(Neth)