Wednesday, August 20, 2025
Follow Us
ඉතිහාසයේ ප‍්‍රථම වතාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පුද්ගලික ව්‍යාපාරිකයින් දෙදෙනකු පත් කරලා; සමස්ත රාජ්‍ය සේවයම විනාශ කරනවා – රංජිත් මද්දුම බණ්ඩාර

කොමිෂන් සභා සඳහා ආණ්ඩුව තම දේශපාලන හෙංචයියන් පත් කොට සමස්ත රාජ්‍ය සේවයම විනාශ කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගය ලේකම් පාර්ලිමේන්තු මන්ත රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

කොමිෂන් සභා සඳහා ආණ්ඩුව තම දේශපාලන හෙංචයියන් පත් කොට සමස්ත රාජ්‍ය සේවයම විනාශ කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගය ලේකම් පාර්ලිමේන්තු මන්ත රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී පෙරේදා (11) දින පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මේ රටේ පොලිස් සේවයට සහ අධිකරණ ක්ෂේත‍්‍රයට විශාල විනාශයක් සිද්ධ වී තිබෙනවා. ඒ විතරක් නොවෙයි මහජන උපයෝගිතා කොමිසම බලෙන් අහෝසි කරලා ඒකාධිපති ගමනක් ආණ්ඩුව යනවා. අපි තමයි කොමිෂන් සභා හැදුවේ. රාජ්‍ය සේවකයෝ පවා ආණ්ඩුව විවේචනය කළා. පොලිස් කොමිසම හදලා නිදහස් සේවය ඇති කළා.

අද වන විට කොමිෂන් සභා දේශපාලනීකරණය කරලා. ඊට හොඳම උදාහරණය තමයි පොලිස් කොමිසමේ සභාපති ලෙස පත් කරලා තියෙන්නේ පොදුජන පෙරමුණේ මැතිවරණ ආරක්ෂාව බලපු කෙනා. ඔහු වැඩ භාරගන්න ගිහින් කියනවා බැසිල් රාජපක්ෂ මහත්තයාගේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරනවාලූ.

අපි ඒ ගැන කණගාටු වෙනවා. ඉදිරියේදී අපිට මැතිවරණ කරන්න වෙන්නේ මේ වගේ අයත් එක්ක තමයි. පොලිස් කොමිසමේ තව සාමාජිකයෙක් ඉන්නවා පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලපු කෙනෙක්. මේකද ස්වාධීනත්වය කියන්නේ. අද ඉතිහාසයේ ප‍්‍රථම වතාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පුද්ගලික ව්‍යාපාරිකයින් දෙදෙනකු පත් කරලා තිබෙනවා. ඒ අය ආණ්ඩුවේ ටෙන්ඩර් ගන්නවා. ආණ්ඩුවත් එක්ක කටයුතු කරනවා. රජයේ නිලධාරීන්ට මේ ව්‍යාපාරිකයින්ට ඔළුව නවන්න වෙනවා. ඇන්ටිජන් ගණුදෙනු කරන්නේ මේ අය. මේ වගේ අයව දාලා රාජ්‍ය සේවයත් විනාශ කරන්නයි මේ අය හදන්නේ.

මෙහෙම කරලා ස්වාධීනත්වයක් බලාපොරොත්තු වෙන්න පිළිවන්ද අද කොමිෂන් සභාවල මුල් පුටුවල ඉන්නේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලවල හිටපු අයයි. ඒවායේ සාමාජිකයින් වෙලා ඉන්නේත් පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවපු අයයි.

අද පාර්ලිමේන්තු සභාවෙන් පත් කරන්නේත් දේශපාලනයට සම්බන්ධ අයයි. පාර්ලිමේන්තු සභාව අපේ විපක්ෂ නායක සහ කබීර් හෂීම් මහතා නියෝජනය කරනවා. ඒ අය මේ දේශපාලන පත්වීම් පිළිබඳව විරෝධය පළ කළත් ඒවා ආණ්ඩුව පිළිගන්නෙත් නෑ. චෝදනා තිබෙන ව්‍යාපාරිකයින් දාන්න එපා කියලා ඒ දෙදෙනා කියලා තිබෙනවා. ඒත් ඒවා ඇහුවේ නෑ.

අද වන විට මහජන උපයෝගිතා කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඉල්ලා අස්වෙන්න කියලා තිබෙනවා. මේකද සාධාරණය. මේ රටේ ජාතික ආරක්ෂාවට එක නීතියත් කරනවා කිව්ව ජනාධිපති කොමිෂන් සභාවලට මෙහෙමද කරන්නේ? කියලා මම අහනවා.

අද වන විට උපාධිධාරීන්ට රැකියා නෑ. ආණ්ඩුව බොරු කිව්වා රැකියා දෙනවා කියලා. තාමත් උපාධිධාරී පත්වීම් දීලා නෑ. අද පුද්ගලික අංශයේ අයටත් රැකියා නෑ. අසාධාරණයට ලක්වූ උපාධිධාරීන්ට රැකියා දෙන්න කියලා අපි ඉල්ලනවා.

මේ අයවැය කාලයේ ආණ්ඩුව තමන්ගේ වැඩපිළිවෙල ගැන කිව්වේ නෑ. විපක්ෂයට මඩ ගැහුවා විතරයි. හරි ආර්ථික දැක්මක් ගැන කිව්වේ නෑ. මේ අය වැය මඩ අයවැයක් විදිහට තමයි අපි දකින්නේ.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන් මහතා-

කොමිෂන් සභාවලට බුද්ධිමතුන් පත් කරන්න අපි කි‍්‍රයා කළා. යහපාලන ආණ්ඩුව යටතේ සිදුවූ ඉතාම ප‍්‍රගතිශීලී දෙය තමයි කොමිෂන් සභා පත් කර ගැනීමට හැකිවීම. මේ කොමිෂන් සභාවලට හෙංචයියන් පත් කරනවා නම් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නීතියේ ආධිපත්‍යයට පටහැනියි.

(Lanka LEads)