Wednesday, August 20, 2025
Follow Us
ආදාහනයට විරෝධය පෑමට මෘත ශරීර බාර ගන්නේ නැහැ – රවුෆ් හකීම්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස නායක රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කර සිටින්නේ; කොරෝනා ආසාදනයෙන් මිය ගියද බාර ගැනීම ප‍්‍රතික්‍ෂෙප කර රෝහල්වල එකතු වී ඇති මෘත දේහ සියල්ලම මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ බව සහ ඔවුන් එම මෘතදේහය බාර නොගන්නේ රජයට විරෝධය පෑමට බවත්ය.

කොවිඩ් -19 ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහයක් අදාහනය කල යුතු යයි රජය විසින් කර ඇති අසාධාරණ බලපෑමට විරෝධය පළ කිරීමක් ලෙස මෙම කටයුත්ත කර ඇතැයිද ඔහු පැවසීය.

(Lanka Leads)