Wednesday, January 07, 2026
Follow Us
කොරෝනා ආසාදනයෙන් මිය ගියද බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති සිරුරු මුස්ලිම්වරුන්ගේ- රවුෆ් හකීම්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස නායක රවුෆ් හකීම් මහතා පවසා සිටින්නේ කොරෝනා ආසාදනයෙන් මිය ගියද බාර ගැනීම ප්‍රතික්ෂේප කර රෝහල්වල එකතු වී ඇති මෘත දේහ සියල්ලම මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ මුස්ලිම්වරු එම මෘතදේහය බාර නොගන්නේ රජයට විරෝධය පෑමට යනුවෙනුයි.

“කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහයක් අදාහනය කල යුතු යයි රජය විසින් කර ඇති අසාධාරණ බලපෑමට විරෝධය පළ කිරීමක් ලෙසයි මෙම කටයුත්ත මුස්ලිම්වරු කරන්නේ. එනිසා දැන්වත් රජය ජනතා විරෝධය තේරුම්ගෙන මුස්ලිම් ජනතාවගේ මෘත දේහ භූමදානය ට අවසර දිය යුතුයි.” බවද රවුෆ් හකීම් මහතා කියා සිටියේය.

(Lanka Leads)