Wednesday, August 20, 2025
Follow Us
2021 අයවැය පිළිබඳ ඡන්ද විමසීම අද

2021 අයවැය පිළිබඳ ඡන්ද විමසීම අද (10) පාර්ලිමේන්තුවේ දී සවස 5.00 ට සිදු වෙයි.

මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නොවැම්බර් (17)දින 2021 වර්ෂය සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

වත්මන් රජය බලයට පත් වීමෙන් අනතුරුව රජය විසින් ඉදිරිපත් කරන මංගල අයවැය වන්නේ ද මෙම අයවැය වාර්තාවයි. මෙරට 75 වැනි අයවැය වාර්තාව ලෙස මෙය සැළකේ.

2021 මුදල් වර්ෂයට අදාලව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2678ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව නොවැම්බර් 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්විණ. දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5.00ට පැවැත්විය.

ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව නොවැම්බර් 23 වැනිදා සිට අද දක්වා පැවැත්වෙයි. අද (දෙසැම්බර් 10 වැනි දින) පස්වරු 5.00ට අයවැය පිළිබඳව ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

(news.lk)