Friday, January 09, 2026
Follow Us
සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ කාර්යාලය තිබූ තැනින් ඉවතට!

බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ තිබූ රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශ කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම්දී ඇත.

සුසිල් ප්‍රේමජයන්ත මහතා යටතේ ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසම යන ආයතන දෙක පවතී. අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග වලට අනුව මෙම සිදුවීම් පිටිපස දේශපාලන මතභේදයක් ඇතැයි කියවේ.

(Lanka Leads)