මැනිං වෙළඳපල පෑලියගොඩ ප්‍රදේශයේ සෑදීමට මුල් වූයේ පැවති රජය බවත් ජනතා මුදලින් නිමවූ එම වෙළඳපොළේ කඩ කාමර මුදලට විකිණීමට ඉඩ නොදෙන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ජනාධිපති කාර්යාලය අසළ විරෝධතා සිදුකිරීම සඳහා ලබාදී ඇති ස්ථානයේ ඊයේ (07) දින විරෝධතාවයක් සිදු කරමින් සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිණි කිහිප දෙනෙක් නිසා උණුසුම් වාතාවරණයක් ඇති වූ අතර හිටපු අමාත්‍යවරයා ඔවුන්ට පිළිතුරු දෙමින් එසේ අවධාරණය කර සිටින ලදී.
මැනිං වෙළඳපල පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන යාමත් සමඟ සිදුවූ අසාධාරණකම් පිළිබඳව පවසමින් එහි වෙළඳුන් පිරිසක් ද මෙම විරෝධතාවයට සහභාගී විය.
(Lanka Leads)