Tuesday, August 19, 2025
Follow Us
සරත් වී‍රසේකර ආරක්ෂක කවුන්සිලේටවත් ආවෙ නෑ, සිවිල් ආරක්ෂකයන්ටත් අණ දුන්නෙ මම - සරත් ෆොන්සේකා

අවසන් යුද්ධයට අණදුන් ප්‍රධාන සෙන්පතියන් පස් දෙනාගෙන් එක් අයෙකු තමා බව පවසමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (07) සරත් ෆොන්සේකා මහතා අයවැය විවාදයේදී අදහස් දැක්වීය.

මන්ත්‍රීවරයා සඳහන් කළේ සරත් වීරසේකර මහතා සිදුකළේ සිවිල් ආරක්ෂක බළකායට අයත් පරිපාලන කටයුතු පමණක් බවත්, ඔහු වෙඩි හඬක් ඇසෙන මානයකවත් නොසිටි බවත් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

සිවිල් ආරක්ෂක බළකාය යනු සේනාවිධායකවරයෙකු යටතේ ක්‍රියාත්මක වන්නක් බවත් එය යුද හමුදාවට සන්සන්දනය කළ නොහැකි බවත් ඔහු පවසනවා. වීරසේකර මහතා ආරක්ෂක කවුන්සිලයට හෝ නොකැඳවූ බවත් ෆොන්සේකා මහතා පවසනවා.

එදා යුද්ධය පැවති වකවානුවේදී සිවිල් ආරක්ෂ භටයන් 5000 ක පමණ පිරිසක් පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ බවත් ඉතිරි සියලු සිවිල් ආරක්ෂක භටයන් මෙහෙයවූයේ යුදහමුදාපතිවරයා ලෙස තමා බවත් මන්ත්‍රීවරයා පවසනවා.

(LNW)