අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට තමන් විරුද්ධ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් පවසා සිටින බව වාර්තාවේ. වාසුදේව නානායක්කාර මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත අවධාරණය කර ඇත්තේ මහජන උපයෝගීතා කොමිසම පවතින්නේ අග්‍රාමාත්‍යවරයා යටතේ බැවින් ඒ සම්බන්ධයෙන් තීන්දු ගත යුත්තේ ද අගමැතිවරයා විසින් පමණක් බවත් ජනාධිපති කාර්යාලය විසින් කොමිසම සම්බන්ධයෙන් තීන්දු ගත නොහැකි බවත්ය.
එහිදී වාසුදේව මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ජනතාවගේ දැඩි විරෝධය ආණ්ඩුවට එල්ලවිය හැකි බවයි.
මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන ලෙස ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පසුගියදා ලිපියක් යොමු කරමින් උපදෙස් දී තිබුණේ එහි සේවකයන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන ලෙසයි.
(Lanka Leads)