Friday, January 09, 2026
Follow Us
UNPයට වැඩබලන මහලේකම්වරයෙක් පත් කෙරේ

එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී, වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශාමල් සෙනරත් මහතා පත්කර තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

පක්ෂ මහලේකම් ධුරයේ කටයුතු කළ අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා ඉල්ලා අස්වීමත් සමග එම ධුරය පුරප්පාඩු වී පැවතුණි.

මේ වසර අවසානයේ නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීම සිදුවන අතර ඒ දක්වා ශමල් සෙනරත් මහතා පක්ෂයේ වැඩබලන මහලේකම් ධුරයේ කටයුතු කරනු ඇති.

(Aruna)