Friday, January 09, 2026
Follow Us
අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීම ගැන තොරතුරු ඉදිරි දින දෙක තුලදී - අධිකරණ ඇමති

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට රැගෙන ඒමට සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුලදී කරුණු වාර්තා කරන බවට අධිකරණ අමාත්‍ය අලී සබ්රි අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ තමන් විසින් නීතිපතිවරයාගෙන් එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවයි.

” අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට රැගෙන ඒමේ සිද්ධියට අදාළව යාවත්කාලීන වීමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙනවා. නීතිපතිවරයාගේ වාර්තාව මා වෙත ලැබීමෙන් පසු අදාළ තොරතුරු කථානායකවරයාගේ අවසරය මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වනවා” යැයි අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියා.

(Neth)