Tuesday, August 19, 2025
Follow Us
බදුල්ල, හඟුරන්කෙත දෙකේම අය වැය පරාදයි

පොදු ජන එක්සත් පෙරමුණට බළය හිමි බදුල්ල මහා නගර සභා අයවැය වැඩි ඡන්ද 09කින් ඊයේ (01) දින පරාජයට පත් වී තිබේ.

අයවැයට පක්ෂව පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීරු 08 දෙනෙකු පමණක් ඡන්දය ලබාදී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 09ක් එක්සත් ජනතා නිදහස් සන්ධනායේ මන්ත්‍රීවරු 05ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීරු තිදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ලබාදී ඇත.

මේ අතර, අයවැයට පක්ෂව කිසිදු මන්ත්‍රීවරයෙකු ඡන්දය ලබාදී නැති හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ 2021 සඳහා වන අයවැය වැඩි ඡන්ද 26කින් පරාජයට පත්ව තිබේ.

අයවැය සම්බන්ධයෙන් සභාව උණුසුම්වන විට සභාපතිවරයා උප සභාපතිවරයාට සභාව භාරදී පිටව ගොස් තිබේ. පොදු ජන එක්සත් ප්‍රමුණේ සහ ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි උප සභාපතිවරයා ඡන්ද විමසීමකට ගොස් තිබේ.

එහිදී උප සභාපතිවරයා හෝ අයවැයට පක්ෂය ඡන්දය ලබා දී නැති වීම විශේෂත්වයකි,.

(Lanka Leads)