Friday, March 29, 2024
Follow Us
රිෂාඩ් බදුර්දීන් තව සති දෙකක් බන්ධනාගාරයේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් කළද තවදුරටත් වැලිකඩ මැගසින් බන්ධනාගාරය තුළ රඳවා තබා සිටින බවද මන්ත්‍රීවරයාට මෙසේ තව දුරටත් බන්ධනාගාර සිටීමට සිදුව ඇත්තේ සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව ඇප ලබන රැඳවියන් දෙසතියක කාලයක් නිරෝධායනයට ලක් කළ යුතු නිසා බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා තවත් දින 14ක කාලයක් බන්ධනාගාරයේ ‘ජේ කුටිය’ තුල නිරෝධයට යොමුකර තිබෙන බවත් කොවිඩ්19 වෛරස් අවදානම බන්ධනාගාරය තුළින් තුරන් වන තෙක් මෙම නිරෝධායන නීතිය ක්‍රියාත්මක බවත් බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

(Lanka Leads)