Friday, March 29, 2024
Follow Us
රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය බර­ප­තළ අන­තු­රක

මේ වන විට රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය බර­ප­තළ අන­තු­ර­කට ලක්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජ­ය­ව­ර්ධන මහතා පව­සයි.

විසි වැනි ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධ­නය හරහා ස්වාධීන කොමි­ෂන් සභාවේ කාර්ය­භා­රය දේශ­පා­ල­නී­ක­ර­ණය වී ඇති බව පෙන්වා දුන් විජ­ය­ව­ර්ධන මහතා කොමි­ෂන් සභා සඳහා දේශ­පා­ලන නාය­ක­යන්ට අවශ්‍ය පුද්ග­ල­යන් පත් කර ගනි­මින් කට­යුතු කරන බවද සඳ­හන් කළේය.

බෙල්ල­න්විල රජ­මහා විහා­රා­ධි­පති ආචාර්ය බෙල්ල­න්විල ධම්ම­ර­තන හිමි­යන් බැහැ දැකීම සඳහා පෙරේදා (25) එම විහා­ර­ස්ථා­න­යට ගිය අව­ස්ථා­වේදී මාධ්‍ය­වේ­දීන් ඇසූ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙමින් විජ­ය­ව­ර්ධන මහතා මේ බව සඳ­හන් කළේය.

මේ වන විට එකම රටක් එකම නීති­යක් යැයි පව­ස­මින් බල­යට පත් ආණ්ඩුව ක්‍රියා කරන ආකා­රය සම්බ­න්ධ­යෙන්ද බර­ප­තළ ගැටලු මතු වී ඇති බවද පෙන්වා දුන්නේය.

රට තුළ ස්වාධීන අධි­ක­රණ පද්ධ­ති­යක් තිබේ දැයි යන්න පිළි­බඳ ප්‍රශ්න කිරී­මට සිදුව ඇති බවද සඳ­හන් කළ විජ­ය­ව­ර්ධන මහතා නොයෙක් අප­රා­ධ­යන්ට චෝදනා ලැබූ­වන් සහ අප­රා­ධ­ක­රු­වන් රජයේ දේශ­පා­ලන වුව­ම­නා­වන් මත නිදොස් කොට නිද­හස් කරන තත්ත්ව­යක් පෙනෙ­න්නට ඇති බව ද පැවැ­සීය.

ජාතික ආර­ක්ෂාව ගැන කතා කර­මින් බලය ලබා­ගත් ආණ්ඩුව කරුණා අම්මාන්, පිල්ලෙ­යාන් වැනි ත්‍රස්ත­වා­ද­යට සම්බන්ධ වූ පුද්ග­ල­යන් සම්බ­න්ධ­යෙන් අනු­ග­ම­නය කර­මින් සිටින ක්‍රියා­මාර්ග පිළි­බඳ ද බර­ප­තළ සැක­යක් මතු වන බවද ඔහු පෙන්වා දුන්නේය.

(Dinamina)