Tuesday, April 16, 2024
Follow Us
පාසල් විවෘත කළාට ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නෑ - සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

තෙවැනි වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට කඩිමුඩියේ කටයුතු කළද ඒ සඳහා ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ නිසා පාසල් පද්ධතිය තුළ ගැටලු ගණනාවක් මතුව ඇති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

පාසල් යළි විවෘත කළද දෙමව්පියන්ට තම දරුවන් පාසල් යැවීමට තරම් ආරක්ෂිත වටපිටාවක් පාසල් තුළ තිබෙන බවට කිසිදු විශ්වාසයක් නොමැති බවත්, සිසුන් බහුතරයක් තවමත් පාසල්වලට නොපැමිණීමෙන් එය තහවුරු වන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

(LNW)