ආණ්ඩුවක් පෙරළීමට නම් ආණ්ඩු විරෝධී සියලු පාර්ශ්ව එකතු විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා සමග පැරණි යාළු මිත්‍රකම් අලුත් කරගෙන රට වෙනුවෙන් සුබවාදී ඉදිරි ගමනක් යා හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි.
"පක්ෂය පැරදුණාට පසුව අපෙ පක්ෂෙ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා එතුමා පක්ෂ නායකත්වය අලුත් කණ්ඩායමකට දෙනවා කියලා. මීට සති තුනකට පමණ පෙර මමත් කිව්වා මම එතුමාගෙන් පසුව පක්ෂයේ නායකත්වය බාරගන්න කැමතියි කියලා. ඉතිං මම ඉන්නෙ ඒ ස්ථාවරයේ.
ආණ්ඩුවක් පෙරළන්න, ආණ්ඩු විරෝධී රැල්ලක් ඇති කරන්න ආණ්ඩු විරෝධී පාර්ශ්ව සියලු දෙනාම එකතු වෙන්න අවශ්‍යයයි. ඒ ප්‍රතිපත්තියේ මම ඉන්නවා.
මං හිතන්නෙ ප්‍රේමදාස මහත්තයා එක්ක මට එහෙම පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. අපට හැම වෙලේම කතා කරන්න පුළුවන්, අපි කතා කරලා තියෙනවා, අපි පරණ යාළුවො. ඉතිං මං හිතන්නේ නැවතත් ඒ යාළු මිත්‍රකම් අලුත් කරගෙන සුබවාදී ගමනක් අපට රට වෙනුවෙන් ඉදිරියට යන්න පුළුවන්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
නවීන් දිසානායක මහතා මේ බව පැවසුවේ එජාප ඉදිරිපෙළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
(LNW)