Tuesday, August 19, 2025
Follow Us
සමගි ජන බලවේග පක්ෂය රිෂාඩ් ගේ කළු සල්ලි වලින් දුවන පක්ෂයක්- අමාත්‍යය මහින්දානන්ද අළුත්ගමගේ

ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයවැය කාරක අවස්ථාවේ විවාදයට එක් වෙමින්, සමගි ජන බලවේග පක්ෂය පවත්වාගෙන යන්නේ රිෂාඩ් බදියුදීන්ගේ කළු සල්ලි වලින් බව පවසා සිටියේය.

සමගි ජන බලවේගය පක්‍ෂයේ මැතිවරණ වියදම් ඇතුළු සියලුම වියදම් සිදු කරන්නේ රිෂාඩ් බදුර්දීන් බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව පැහැදිලි සාක්ෂි ඇති බවත් අමාත්‍යය මහින්දානන්ද අළුත්ගමගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

එහිදී විපක්ෂයේ දැඩි බාධාකිරීම් මාධ්‍යයේ අමාත්‍යයවරයා දැඩිව අවධාරණය කළේ පසුගිය මහ මැතිවරණයේ දී සහ ජනාධිපති ජනාධිපතිවරණයේදී ලබාදුන් මුදල් පිළිබඳ විස්තරද සහ සියළු බැංකු ගිණුම් පිළිබඳව සාක්ෂිද තමන් සතුව ඇති බවයි.


(Lanka LEads)