රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇප මත නිදහස් කර තිබෙනවා. මඩකළපුව මහාධිකරණය විසින් ඔහු ඇප මත නිදහස් කිරීමට නියෝග කළ අතර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කර තිබෙනවා.
2005 වර්ෂයේදී සිදු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. මෙම චෝදනාව යටතේ බන්ධනාගාර ගත කර සිටි තවත් සැකකරුවන් 05 දෙනෙක් ද ඇපමත මුදාහැර තිබෙනවා.
(LNW)