Sunday, January 11, 2026
Follow Us
’මම තමයි ලැයිස්තුවේ අංක එක මන්ත්‍රී ධූරය දෙන්න ඕනේ මට’’ - එජාප ජා.ලැ මන්ත්‍රී ධූරය වෙනුවෙන් ජෝන් සටන් කරළියට ගෙන එයි

නීත්‍යානුකූලව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හිමිවිය යුත්තේ තමන්ට බව හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවේය.

හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ (23) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු යාමට අකමැත්ත ප්‍රකාශ කළ අතර කෙටි කාලයකට හෝ තමන් එම මන්ත්‍රී ධූරය දරා ඊට පසුව නායකත්වය වෙත භාරදිය හැකි බව එම රැස්වීමේදී පැවසූ බව ජෝන් අමරතුංග මහතා පැවසුවේය.

ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීවරයෙක් ලෙස ලයිස්තුවේ ඉදිරියෙන් සිටින අතර තමන් ජන්දය ඉල්ලා පරාද නොවුණු කෙනෙක් බවද හෙතෙම කියා සිටියේය.

(LNW)