එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හෙට (23) දින නම් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙයි.
ඒ අනුව හෙට දින පෙරවරු 10.30ට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිත බවයි එජාප ජ්‍යෙෂ්ඨයෙකු ලංකා නිවුස් වෙබ් වෙත සඳහන් කළේ.
කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන සියලුම දෙනාට හෙට දින ඊට සහභාගී වන ලෙස දන්වා ඇති බවද සඳහන්.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ඉදිරි පෙළ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී තිබුණද එම පත්කිරීම් සඳහා මතභේදාත්මක තත්ත්වයක් පවතින බවත් මෙම තත්ත්වය මත වත්මන් පක්ෂ නායකත්වයටම එම මන්ත්‍රී ධූරය භාරගන්නා ලෙස ඉල්ලීමක්ද සිදුව ඇති බවයි කිය වුණේ.
එමෙන්ම ලබන වසර වන විට පක්ෂයේ සිදුවන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද හෙට දින යම් එකඟතාවන්ට පැමිණීමට හැකිවනු ඇති බවද වාර්තා විය.
(LNW)