Friday, July 04, 2025
Follow Us
ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න බැසිල් පාර්ලිමේන්තු ආ යුතුමයි. ඉඩදෙන්න මම සැදී පැහැදී ඉන්නවා - කැටගොඩ

ආණ්ඩුව ඉදිරියට ගෙන යාමේ හැකියාව ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාට බැවින් ඒ මහතා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුතුම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පවසයි.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතා තවමත් ඒ පිළිබඳ දිනයක් ප්‍රකාශයට පත්කර නොමැති බවයි කැටගොඩ මහතා සඳහන් කළේ.

එසේම බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීමේ ඉඩ ලබාදීම සඳහා තමන් සැදී පැහැදී සිටින බවත් කැටගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(LNW)