Friday, November 27, 2020
Follow Us
අපිට කොරෝනා වැක්සින් ඕන නෑ - වාසු පාර්ලිමේන්තුවේදී කියයි

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දැනට ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිශක්තිකරණ එන්නතක් අවශ්‍ය නොවන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අයවැය විවාදයට සහභාගි වෙමිනි.

දැනට ප්‍රතිශක්තිකරණ එන්නතක් අවශ්‍ය වී ඇත්තේ ඇමරිකාව වැනි වෛසරය බහුල ලෙස පැතිර ගොස් ඇති රටවල්වලට පමණක් බවද ඇමතිවරයා පවසනවා.

කෙසේ නමුත් තවමත් භාවිතයට ගතහැකි තරමේ එන්නතක් නිෂ්පාදනය කර නොමැති බවත්, රටවල් කිහිපයක් විසින් කොවිඩ් 19 වෙරසයට එරෙහිව ක්‍රියා කළ හැකි එන්නත් පිළිබඳ පර්යේෂණ පවත්වමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවට එන්නතක් අවශ්‍ය කුමන මොහොතේද යන්න සෞඛ්‍ය බළධාරීන් විසින් තීරණය කරනු ඇති බවත්, ඉන්පසු ඒ සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට රජය සූදානම් බවත් වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් පවසනවා.

ශ්‍රී ලංකාවට එන්නතක් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කිරීමත් සමග පාර්ලිමේන්තු සභා ගර්භයේ උණුසුම් තත්වයක් ඇති වූ අතර විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඇමතිවරයාගේ ප්‍රකාශයට විරෝධය දැක්වීය.

(LNW)