ආණ්ඩුව මේ වනවිට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉලක්ක කොටගෙන දැවැන්ත දඩයමක් දියත්කර ඇති බවත් ආණ්ඩුව පත්වී වසරක් ඇතුළත සිදුවන මේ බරපතළ ප්‍රහාරය හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා ඊයේ (18 වැනිදා) මේ බව පැවසිය.
ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා ඊයේ (18 වැනිදා) මේ බව පැවසිය.
“මේ ආණ්ඩුව පත්වෙලා වසරක් සම්පූර්ණ වෙලා තිබෙනවා. ආණ්ඩුවේ අසමත්කම හැම තත්ත්පරයක් ගානෙම ඔප්පු කරමින් ඉන්නවා. ඒ අතර තමන්ව විවේචනය කරන මාධ්‍ය ඉලක්ක කරගෙන දැඩි මර්දනයක් දියත් වෙනවා. මාධ්‍යවේදීන් සිරගෙදරට ගෙනයන මාධ්‍ය දඩයමක් ආණ්ඩුව කරගෙන යනවා. කිසිසේත්ම ඒ දඩයමට අපි ඉඩ දෙන්නේ නෑ. ඊට එරෙහිව අපි සටන් කරනවා. ආණ්ඩුවට අපි කියනවා, කරුණාකරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්න කියලා යැයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවැසීය.
(Aruna)