Tuesday, August 19, 2025
Follow Us
ජනතාවට කිසිම සහනයක් නැති පුහු අයවැයක්

ආණ්ඩුවක් ලෙස කොවිඞ් අර්බුදයට මුහුණ දෙන ආකාරය පිළිබඳවත් ඉන් බලපෑමට ලක්වන ජනතාවට ලබාදෙන සහන පිළිබඳවත් කිසිදු වැඩපිළිවෙළක් මේ අයවැයෙන් ඉදිරිපත් කර නැති බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කරයි.

තව වසර දෙකක් යනතුරු ලෝකයටම කොවිඞ් සමග ජීවත්වීමට සිදුවෙතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවැකි පළකර තිබියදී ඒ සම්බන්ධයෙන් මීට වඩා යහපත් ප‍්‍රතිචාරයක් ආණ්ඩුව අයවැය තුළින් දැක්විය යුතුව තිබුණු බවත් කිරිඇල්ල මහතා පැවැසීය.

කොවිඞ් පිළිබඳව උඩින් පල්ලෙන් එක එක දේ ලියා ඇතත් ඊට මුහුණ දීමට මීට වඩා ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ඒ මහතා ප‍්‍රකාශ කළේය.

එමෙන්ම ජනතාවට සෘජුව බලපාන කිසිම දෙයක් අන්තර්ගත නැති පුහු අයවැයක් ආණ්ඩුව විසින් ලබන වසර සඳහා ඉදිරිපත් කර ඇති බවද කිරිඇල්ල මහතා පැවසීය. යහපාලන ආණ්ඩුවේ පළමු අයවැය මගින් ලබාදුන් සහන සමග සංසන්දනය කළ විට එම අයවැයත් මෙම අයවැයත් අහසට පොළොව වගේ යැයිද විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා කීය. යහපාලන ආණ්ඩුවේ පළමු අයවැයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩිකර, සිසු සුරක්‍ෂා ආරම්භ කර, සමෘද්ධි සහනාධාරය වැඩිකර, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සෑහෙන ප‍්‍රමාණයකින් අඩුකර ජනතාවට විශාල සහන ප‍්‍රමාණයක් ලබාදුන් බවද කිරිඇල්ල මහතා පැවැසීය.

(Lanka Leads)