ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පමණක් නොව තමන් සියලු දෙනාම සිටින්නේ රට හදන්නට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතුමය යන ස්ථාවරයෙහි බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.
"පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ සියලු දෙනා පැහැදිලිව පිළිගන්නවා බැසිල් රාජපක්ෂ මහතා රටටම අවශ්‍ය නායකයෙක් කියලා. එතුමගේ තියෙන දැනුම, අද්දැකීම්, ක්‍රියාශීලී දායකත්වය, දේශීය හා විදේශීය වශයෙන් තියෙන සම්බන්ධතා උපයෝගී කොටගෙන ආර්ථිකය, ජන ජීවිත දියුණු කිරීමට වගේම, රට හදන්න එතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියන තැන තමා පසුපෙළ වගේම අපි සියලු දෙනාම ඉන්නේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය නිමල් ලන්සා මහතා මේ බව පැවසුවේ ඊයේ (14) වෙන්නප්පුව ප්‍රදේශයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ උත්සවයකට එක්වෙමිනි.
(LNW)