Monday, January 12, 2026
Follow Us
මන්ත්‍රී රිෂාඩ් යළිත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ නොවැම්බර් 25 වනදා දක්වා ය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ අවතැන්වූ පුද්ගලයින් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පුත්තලමේ සිට මන්නාරමට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ යොදා ගනිමින් ප්‍රවාහනය කළ බවට රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ල වී තිබුණි.

ඒ අනුව ඔහු පසුගිය 19 වනදා දෙහිවල ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

(Aruna)