Tuesday, August 19, 2025
Follow Us
කොවිඩ්19 හේතුවෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ දේහයන භූමදානය කිරීමට එරෙහි වූ මුසම්මිල්ට මරණ තර්ජන!

කොවිඩ්19 වෛරසය ආසාදනය හෙතුවෙන් මි‍ය යන මුස්ලිම්වරුන්ගේ දේහයන් ආදාහනය කළ යුතු යැයි අදහස් පළකිරීම හෙතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මංත්‍රීවරයාට මරණ තර්ජන සිදුකරමින් විදෙස් රටවල අන්තවාදීන්ගෙන් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබෙමින් පවතින බව වාර්තා වේ.

මේ අනුව අලි සබ්‍රි මහතා සෘජුව හෝ වක්‍රව ශ්‍රී ලංකාවේ සිටින අන්තවාදී මුස්ලිම්වරුන්ට අවශ්‍යය කටයුතු සම්පාදනය කිරීමට දායකත්වය සපයන බව මුස්ලිම් අන්තවාදීන්ගේ උපක්‍රම සම්බන්ධව සොයා බලමින් සිටින විශේෂඥයන්ගේ මතයයි.

නම සඳහන් කිරීමට අකමැති වූ එවැනි එක් විශේෂඥයකු පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමත් සමඟ තිගැස්මට පත්වී උකටලීව සිටි ශ්‍රී ලාංකික අන්තවාදී මුස්ලිම් ප්‍රජාව නැවත සක්‍රිය කිරීමේ මූලික වැඩ කොටස කොවිඩ්19 වෛරසය ආසාදනය හෙතුවෙන් මි‍ය යන මුස්ලිම්වරුන්ගේ දේහයන් ආදාහනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවෙන් අවසර ගැනීමට හැකි වුවහොත් එය ඔවුන්ගේ විශාල ජයග්‍රහණයක් බවයි.

(Lanka Leads)