Thursday, April 23, 2026
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සංශෝධනය කරන්න - විපක්ෂයේ කිරිඇල්ල කථානායකගෙන් ඉල්ලයි

2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය අද දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

ඒ අනුව දිවා භෝජනය සඳහා කාලය වෙන් කිරීමකින් තොරව විවාදය පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙනු ඇති.

මේ අතර පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ට ගෙවන දීමනා තවදුරටත් සංශෝධනය කරන්නැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබෙනවා.

මන්තී‍්‍රවරයා පෙන්වා දී ඇත්තේ අධිකරණයේ වැටුප් ප‍්‍රතිශෝධනවලට අනුකූලව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ දීමනාද ප‍්‍රතිශෝධනය කළ යුතු බවයි.

(Neth)