මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (12) සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 2015 වසරේ පිහිටවූ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ කාලය අදින් අවසන් වන අතර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවෙන නව මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේදී පත්කිරීමට නියමිතව ඇත.
මහින්ද දේශප්‍රිය මහතා අතිශයින්ම ජනප්‍රිය රාජ්‍ය නිලධාරියකු වූ අතර මාධ්‍ය සමඟ ඉතාම මිත්‍රශීලී ගනුදෙනුවක් පවත්වාගත් සුහද අයෙකු ද වෙයි.
(LNW)