Tuesday, August 19, 2025
Follow Us
55 පැන්නොත් ජනාධිපතිකමට ඉල්ලන්න බැරිද

ඉදිරියේ දී ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව මගින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා උපරිම වයස් සීමාවක් යෝජනා කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. මේ අනුව වයස අවුරුදු 55 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ උපරිම වයස් සීමාව ලෙස යෝජනා වී තිබේ.

ජනාධිපතිවරයාට හෝ වෙනත් කිසිදු මැතිවරණයකට ඉදිරිපත් වීම සඳහා මෙතෙක් උපරිම වයස් සීමාවක් පනවා නැත. 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා වූ අවම වයස් සීමාව වයස 30කි. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් මෙම වයස් සීමාවේ වෙනසක් සිදු නොවනු ඇත. එහෙත් දැනට රටේ පොදු විශ්‍රාම වයස් සීමාව ඉක්ම වූ අයකුට ජනපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සුදුසු බව ආණ්ඩුවේ අදහස වී ඇතැයි දැනගන්නට තිබේ.

(Aruna)