කළුතර නගරාධිපති ආමීර් නසීර් මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 11 දෙනෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීමට තීන්දු කළහ.
සමගි ජනබලවේගයේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම සහ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ඇතුලු පිරිසක්ද මේ අවස්‍ථාවට සහභාගී වූහ.
ආමීර් නසීර් මහතා සමග ජයනාත් නවරත්න, ලසන්ත කුමාර, ආර්.එන්. ප්‍රියංකර, කමලාවතී ප්‍රනාන්දු, අනූෂා ප්‍රියංගනී, ජීවනී සිල්වා, කේ.එම්. ශෂිකානි, සමීර මධුසංක, සුසිල් පද්මසිරි, වසන්ත ඩයස් යන මහජන නියෝජිතයින් පිරිස මෙලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගයට සහය පලකරන බවට සහතික වූහ.
(LNW)