Monday, January 12, 2026
Follow Us
ලබන සතියේ කැබිනට් සංශෝධනයක්!

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදුවන බව මීට පෙර දී ද ප‍්‍රකාශ වී තිබුණු අතර එය තවත් තහවුරු කරමින් ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසා සිටී.

එම ආරංචි මාර්ග වලට අනුව නව රාජ්‍යය ඇමති වරුන් කිහිප දෙනෙකු දිවුරුම්දීමට නියමිත අතර කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකුගේ තනතුරුවල වෙනසක් සිදුවීමටද නියමිතය.

අදාල සංශෝධන ඉදිරි සතියේදී සිදුවීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

(Lanka Leads)