Tuesday, August 19, 2025
Follow Us
රිෂාඩ් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නොවැම්බර් 13 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

2019 ජනාධිපතිවරණ සමයේ සිදුවු රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් පසුගියදා දෙහිවල ප්‍රදේශයේදී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගනු ලැබු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (10) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

(Lanka Leads)