සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිය දායකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නායකයන් ප්‍රතික්ෂේප කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන සභිකයන් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට පැමිණිලි කර ඇත. විශේෂයෙන්ම ප්‍රතිපාදන වෙන් කිරීමේදීද තමන්ට අසාධාරණයක් සිදු වන බව ඔවුන් පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රික් සංවිධානවල රැස්වීම් මේ වනවිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරයි. පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධාන රැස්වීම පසුගිය මාසයේදී පැවැත්විණි. මේ පිළිබඳව අදහස් පළ කළ පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ මෙම ගැටලු පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සමග සාකච්ඡා කර ඇති බවයි. ඉදිරියේදී ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලදී මෙම ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇතැයි ඔහු විශ්වාස පළ කළේය.
ප්‍රාදේශීය නායකයන් ප්‍රතික්ෂේප කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන සභිකයන් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට පැමිණිලි කර ඇත. විශේෂයෙන්ම ප්‍රතිපාදන වෙන් කිරීමේදීද තමන්ට අසාධාරණයක් සිදු වන බව ඔවුන් පෙන්වා දී ඇත.

(Lanka Leads)