මෙරට දැනට පවතින කොරෝනා දෙවැනි රැල්ල තවත් මාසයක් හෝ මාස එකහමාරක් ඇතුළත අවසන් වනු ඇති බවටත් එයින් පසු යම් මොහොතක පැමිණෙන තුන්වැනි රැල්ල අතිශයින් භයානක එකක් වනු ඇති බවටත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනාවැකි පළකර තිබෙන බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ල ධීවර කාර්මිකයින් වැනි කොටස් ආශ්‍රිතව ආරම්භ වනු ඇති බවටත් එහෙයින් වහාම PCR පරීක්ෂණ යන්ත්‍ර හැකි පමණින් ගෙන්වාගෙන ඊට සූදානම් විය යුතු බවටත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ පසුගිය මාර්තු මාසයේදී වන අතර එය මාස 7කට පසු සැබෑ විය.
ඒ මහතාගේ සමීපතමයින් පිරිසක් පසුගිය දිනක එම සිදුවීම පිළිබඳ විමසද්දී වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ දෙවැනි රැල්ල බොහෝ දුරට දෙසැම්බර් අවසානය වනවිට නිමවී යනු ඇති බවකි. එසේම තුන්වෙනි රැල්ලක් ගෝලීය මට්ටමින්ම නිර්මාණය වනු ඇති බව ප්‍රකාශ කර ඇති ඒ මහතා එය ශ්‍රී ලංකාවට පැමිණෙන දින වකවානු කිව නොහැකි වුවත් එය අතිශයින්ම භයානක එකක් වනු ඇති හෙයින් දැන්ම තබා ඊට සූදානම් විය යුතු බවත් අවධාරණය කළ බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
තමන් දැනට දේශපාලන කටයුතු වලින් ඉවත්ව නිහඬව සිටියත් මේ සියල්ල පිළිබඳ අධ්‍යනය කරමින් සිටින බව පවසා ඇති ඒ මහතා මෙවන් මොහොතක අනාගතය පිළිබඳ පැහැදිලි සැලසුම් සහිතව බලධාරීන් කටයුතු කළයුතු බවත් පෙන්වා දී ඇතැයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.
(LNW)