Monday, January 12, 2026
Follow Us
සිංහයාගේ වැරැද්ද නිවැරදි කරන්න ඇමති සුදානම් වෙයි

දේශීය නිෂ්පාදනයක් ලෙස ජාතික ධජය නිර්මාණය කිරීමේදී යම් අඩුපාඩුවක් වූයේ නම් එම වගකීම රාජ්‍ය ඇමැතිවරයා ලෙස තමන් භාර ගන්නා බව බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පවසයි.

දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේදී එය විකෘති වී ඇතැයි එල්ල වූ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේ. එම වරද නිවැරැදි කර ඉදිරියේදී කටයුතු කරන බවත් ශ්‍රී ලාංකිකයන් පෙන්වා දෙන වැරැදි අඩුපාඩු නිවැරැදි කර ගනිමින් වැටි වැටී හෝ අපි ඉදිරියටම යා යුතු බවත් රාජ්‍ය අමැතිවරයා ප්‍රකාශ කළේය.

(Aruna)